27.1 C
Galle

කිතුල් ගහේ දී පුද්ගලයෙක් මරුට

Published:

කිතුල් මැදීමට ගසට නැගි පුද්ගලයකු ගසේ දී ම මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොරවගම කරුවලතොට පදිංචි රණසිංහ වීරක්කොඩි නමැති 63 හැවිරිදි අයෙකි.

අද (03) උදෑසන ඔහු තම නිවස අසළ කිතුල් ගසට නැග ඇති අතර ඔහු නැවත නොපැමිණීම හේතුවෙන් සොයා බලනවිට ඔහු ගස මත මියගොස් සිටින බව ගම්වාසීන් විසින් දැක ඇත.

හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර ඇල්පිටිය රෝහලට යැවූ බව පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!