26.4 C
Galle

IMF කොන්දේසි රටේ නීතියක් කරන බව ජනපති කියයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති කොන්දේසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රටේ නීතියක් බවට පත්කරන බවත්, නැවත IMF වෙත යාමට ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා ඇත්තේ ඊයේ (02) විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යයනාංශවල ආචාර්යවරුන් දැනුම්වත් කිරීමේ අවස්ථාවක දී ය.

ශ්‍රී ලංකාව, මෙම වර්ෂය ද ඇතුළත් ව අවස්ථා 17ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන ඇති බවත් 18 වැනි වතාවට ‍යාමට බලාපොරොත්තුවක් නැති බවත් ඔහු පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවී ඇති කොන්දේසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මන්ත්‍රීවරුන් අතර ඡන්ද විමසීමක් පවත්වා එහි ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන එන බව ද ජනාධිපතිවරයා පවසයි.

ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related articles

error: Content is protected !!