27.6 C
Galle

‍පොලිස් සැරයන්, බිරිඳ සහ පියා මරුට

Published:

වැල්ලවායේ නුගයාය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පොලිස් සැරයන්වරයකු, ඔහුගේ බිරිඳ සහ පියා මියගොස් දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වැල්ලවාය, තණමල්විල පාරේ දී ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් 44 හැවිරිදි පොලිස් සැරයන් වරයා, ඔහුගේ බිරිඳ (42) සහ සැරයන්වරයාගේ පියා (70) මියයහ. එම රථයේ සිටි 11 හැවිරිදි දරුවකු තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කර සිටියි.

‍පොලිසිය පවසන්නේ අනතුරට ලක්වූ කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි. ඔහු බීමත්ව සිටි බව ද අනාවරණය වී ඇත.  

Related articles

spot_img
error: Content is protected !!