27.6 C
Galle

බේකරි නිෂ්පාදන මිල අඩුවීමක් තවමත් නෑ

Published:

පිටි, ගෑස් සහ ඉන්ධන මිල වැඩි වූ විට බේකරි නිෂ්පාදන ඉහළ දැමූ බේකරි හිමියෝ පිටි, ගෑස් සහ ඉන්ධන මිල අඩුකර ඇතත් බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට මෙතෙක් සූදානමක් නැත.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධනගෙන් මේ ගැන විමසූ විට ඔහු පවසන්නේ බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි. එසේ වුව ද ඉදිරි දින දෙකේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකෙරෙන බවත් ඉන් පසු තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!