26.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 13,304ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 811ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 82ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,256  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 99
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 80
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 72

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 9.5
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 7.9
  • සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 4.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා සමාගම 25%
  • ඊ චැනලින් සමාගම 15%
  • බොගවන්තලාව වැවිලි සමාගම 15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 417,000ක් රුපියල් 54.30 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 285
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 104 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 37ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 67ක මුදලක් කොටස් වෙළෙඳ  පොළින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ‍ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන 65
  • මෙල්ස්ටා කොප් සමාගම  රුපියල් මිලියන 22
  • ඊස්ට්වෙස්ට් සමාගම රුපියල් මිලියන 3.3

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 08
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!