27.6 C
Galle

ප්‍රතිත්‍රස්ත පනත ගැන මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්

Published:

රජය විසින් සම්මත කිරීමට නියමිතව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ යෝජිත සංශෝධිත පනත් කෙටුම්පත මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බලපෑමක් එල්ලවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

මෙම යෝජිත පනත් කෙටුම්පත මගින් ත්‍රස්වාදය යන්නට ඉතාමත් පුළුල් සහ සංකීර්ණ අර්ථයක් ලබා දී ඇති බැවින් සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවන් සහ නීත්‍යානුකූල විරෝධය දැක්වීම් අතර වෙනස හඳුනාගැනීමට දුෂ්කර වන බව මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇත.

මේ අතර ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැමීමට පියවර ගත් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය.

නීතිඥවරුන් හා සමාජ ක්‍රියාකාරීන්ට මේ පනත අධ්‍යයන කර අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයැයි කරන ලද ඉල්ලීම් සළකා බලා මෙය කල් දැමූ බව ද අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!