27.6 C
Galle

ත්‍රිකුණාමලයේ ගැටුමක්. STF සහ යුද හමුදාවත් කැඳවයි

Published:

ත්‍රිකුණාමලයේ විජිතපුර සහ තිරුකඩලූර් ගම්මානවල දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී එය පාලන කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව කැඳවා තිබේ.

මේ ගැටුම හේතුවෙන් තුවාල ලැබූ 06 දෙනකු රෝහල්ගත කර ඇත.

කෝනේෂ්වරන් මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදෙන මෙම ගම් දෙකේ ධීවරයන් තහනම් පන්න භාවිතා කිරීමේ සිද්ධියකට බහින් බස් වී පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.  

‍පොලිසිය පවසන්නේ ගල් මුල්වලින් පහරදීම් ‍හේතුවෙන් තුවාල ලබා සිටින 06 දෙනාගේ තත්වය බරපතල නොවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!