25.9 C
Galle

ලණුවේ එල්ලෙන සෙල්ලම, සිසුවාට දිවි අහිමිකරයි

Published:

ගසක ලණුවක් ගැටගසා ඔන්චිලි පදිමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවකු ගෙල සිරවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගිරිඋල්ල, බෝපිටිය, මත්තේගම රෝයල් ගාර්ඩන් හි පදිංචි ඉසුම් හංසන බණ්ඩාර නමැති සිසුවෙකි. ඔහු කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි බව ඥාතීන් පවසයි.

මව සහ බාල සොහොයුරා මල් කැඩීම සඳහා නිවසින් බැහැරව ගොස් සිටිය දී වැඩිමහල් සොහොයුරිය නානකාමරයේ සිට ඇතැයි ද අනාවරණය වී ඇත. මෙම දරුවා ලණුවේ සිරවී සිටිනු දැක මව සහ වැඩිමල් සොහොයුරිය ලණුව කපා ඔහු දඹදෙණිය රෝහලට ගෙන ගිය ද දරුවි මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!