27.6 C
Galle

දුම්රිය මැදිරියක් පෙරැළී 16ක් රෝහලට

Published:

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (07) දහවල් 1.30ට පමණ පිලී පැන එහි නියාමක මැදිරිය පෙරැළීයාමෙන් දුම්රිය නියාමක වරයා ඇතුළු 16 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

දුම්රිය අග්බෝපුර ප්‍රදේශයේ දී පීලි පැන ඇති අතර තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය මැදිරි තුනක් පීලි පැන ඇති බවයි. තුවාල ලබා ඇත්තේ පෙරැළී ගිය නියාක මැදිරිියේ සිටි පිරිසකි.

Related articles

spot_img
error: Content is protected !!