26.3 C
Galle

කටුනායකට මහ වැසි, ගුවන් ගමන්වලටත් බාධා

Published:

අධික වර්ෂාපතනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කිිපයක් ප්‍රමාදවීම සහ අවලංගු කිරීමට සිදුව ඇතැයි ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සදහන් කරයි.

ඩුබායි බලා යාමට නියමිතව තිබූ යනයක් පැය 15ක් ප්‍රමාද වූ අතර ඩුබායි සිට පැමිණීමට නියමිතව තිබූ යානයක් ද පැය 12ක පමණ කාලක් ප්‍රමාද වී ඇත.

ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක් අවලංගු කළ අතර ජපානයේ නරීටා බලා පිටත්වීමට තිබූ යානයක් ද පැය කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවිය. චීනයේ ෂැංහයි සිට පැමිණි යානයක් අයහපත් කාලගුණය හේතුවෙන් ගොඩබැස්සවීමට නොහැකිව මාලේ ගුවන්තොටුපොළ වෙත යොමුකර ඇති බව ද වාර්තා වේ.

Related articles

error: Content is protected !!