26.3 C
Galle

ජොන්ස්ටන්ට, රෝහිතට ඇමතිධූර ? ඇමති පොරය උණුසුම් වෙයි

Published:

ඉදිරි දින කිහිපයේ දී සිදුකිරීමට නියමති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී.අරත්නායක ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසකට ඇමතිකම් අවශ්‍යබවට එම පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ද ඇමතිකම් ලබාදෙන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් පක්ෂ දෙක අතර ඇමතිධූර 10ක් සඳහා දැඩි තරඟයක් හටගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් අමාත්‍යධූරය 30ක් පත්කළ හැකි අතර දැනට ඇමතිවරු 20 දෙනකු සිටින බැවින් තවත් අමාත්‍යධූර 10ක් හිස්ව පවතී. මෙම ඇමතිධූර සඳහා දැටනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු , සී.බී.රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්. විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනකුගේ යෝජනා වී තිබේ.

රාජිත සේනාරත්න ආණ්ඩුවට සහය දීමට නම් සෞඛ්‍ය අමාත්‍යධූරය ඉල්ලා ඇති අතර දැනට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටින කෙහෙ‍ළිය රඹුක්වැල්ල එම ධූරය අතහැර වෙනත් ඇමතිධූරයක් ලබාගැනීමට එකඟවී නැතැයි ද වාර්තා වේ.

Related articles

error: Content is protected !!