28.3 C
Galle

වන අලි ගැටී, දුම්රියක් පීලි පනී

Published:

ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඊයේ (08) රාත්‍රී වන අලි තිදෙනකු ගැටීම හේතුවෙන් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පීලි පැනීමට ලක්ව ඇත්තේ අංක 7084 දරණ රාත්‍රී තැපැල් දුම්රිය බවයි. පලුගස්වැව දුම්රිය ස්ථාන ගල්ඔය සහ හබරණ අතර පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ රාත්‍රී සහ අලුයම් කාලයේ වන අලි බහුලව ගැවසෙන අතර වන අලි සිටින බැවින් දුම්රියේ වේගය අඩුකරන ලෙස සංඥා පුවරු ද සවිකර තිබේ.

දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඉක්මණින් දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කළ හැකි බවයි. එතෙක් එම මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් පවතී.

ඡායාරූප – Accident prevention 1st ෆේස්බුක් පිටුවෙනි

Related articles

spot_img
error: Content is protected !!