26.9 C
Galle

ඉන්දීය නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

Published:

දරු ප්‍රසූතියක දී තරුණ මවක් මියයාමට හේතු වූයේ නිර්වින්දන ඖෂධයේ ගැටලුවක් නිසා යැයි ඇති වී තිබෙන සැකය හේතුවෙන් එම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත්කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබේ.

රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක පවසන්නේ ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂවරයාගේ ලිඛිත ඉල්ලීමක් මත මෙම පියවර ගත් බවයි.

එම නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙන්වා බෙදාහැර තිබිණි. ඉන්දීය ණය ආධාර යටතේ ගෙන්වන ලද එම ඖෂධය මෙරට දී තත්ව පරීක්ෂාවකට ලක්කර භාවිතයට ගැනීමට හැකියාවන් නොතිබූ බැවින් ඖෂධයට අදාල ලියකියවිලි සහ වෙනත් රටවල භාවිතය පිළිබඳ සැළකිල්ලට ගැනීමෙන් පසු භාවිතයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඒ අනුව එම ඖෂධයේ කාණ්ඩ තුනක් මෙලෙස භාවිතයෙන් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

Related articles

error: Content is protected !!