26.9 C
Galle

ටයරයක් පුපුරා, කාන්තාවක් මරුට

Published:

හලාවත, ඉරණවිල මාර්ගයේ දී යතුරුපැදියක ටයරයක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් තිදරු මවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ සැමියා සහ දරුවන් දෙදෙනා ද රෝහල්ගත කර සිටිති. මෙලෙස මියගොස් ඇත්තේ හලාවත මැදවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාවගේ සැමියා විසින් යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇති අතර කාන්තාව සමඟ වයස අවුරුදු 10ක් හා 13ක් වූ දරුවන් දෙදෙනා ද යතුරුපැදියේ පැමිණ ඇත. ඉරණවිල වෙරළබඩ මාර්ගයේ සිට හලාවත දෙසට ඔවුන් පැමිණෙමින් සිටිය දී යතුරුපැදියේ පිටුපස රෝදය පුපුරා ගොස් එම යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පාලනයෙන් ගිලිහී පෙරැළී ඇති බව පොලිසිය කියයි.

යතුරුපැදිය පෙරැළෙන අවස්ථාවේ කාන්තාව පාරට ඇදවැටී ඇති අතර සැමියා සහ දරුවන් දෙදෙනා මාර්ගයෙන් ඉවතට ඇද වැටී ඇත. එම අවස්ථාවේ පැමිණි කුඩා ලොරි රථයකට, කාන්තාව යට වී මරුමුවට පත්ව ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!