26.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 16,305ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,296ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,322ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 352
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 150
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 75

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • මාරවිල රිසෝට් සමාගම (X) කොටස් මිලියන 18
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 10
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • තලවකැලේ වැවිලි සමාගම 25%
  • එස්එන්බී ලීසිං සමාගම 14%
  • ලාෆ් ගෑස් සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලාෆ් ගෑස් සමාගම (X) කොටස් මිලියන 1.5ක් රුපියල් 22.00 බැගින්
  • ලංකා වෝල්ටයිල් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 50.00 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 04ක් රුපියල් 30.00 බැගින්
  • එලිෆන්ට් හවුස් සමාගම කොටස්  මිලියන 01ක් රුපියල් 40.00 බැගින්
  • හේලීස් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 72.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 317
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 52 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 05ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 47ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම  රුපියල් මිලියන 39
  • හේලීස් සමාගම  රුපියල් මිලියන 06
  • ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!