30.5 C
Galle

අම්බලන්ගොඩ සිසුවකු මුහුදේ අතුරුදන්, දෙදෙනකු රෝහලේ

Published:

අම්බලන්ගොඩ අකුරළ දී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අතුරුදන්ව ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මීටියාගොඩ පදිංචි එච්.බී.සංජන නැමති 17 හැවිරිදි සිසුවෙකි. ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි බව ද පොලිසිය පවසයි.

ඔහු තවත් මිතුරන් පිරිසක් සමඟ දිය නාමින් සිටිය දී මෙලෙස ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත. රළ පහරට හසු වී ගසාගෙන ගිය තවත් දෙදෙනකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

බේරාගත් සිසුන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දෙදෙනා ද බරපතල තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!