29.4 C
Galle

පාරේ සිටි බල්ලා, තරුණයකු නොඑන ගමන් යවා තවත් දෙදෙනකු රෝහලට යවයි

Published:

පාර හරහා පැන්න බල්ලකු ගැටීමෙන් අනතුරට ලක් වූ යතුරුපැදියක සිටි තරුණයකු මියගොස් ඇතැයි මිහින්තලය පොලිසිය පවසයි.

මෙලෙස මිය‍ගොස් ඇත්තේ මිහින්ත‍ලය, නාමල් වැව පදිංචි අශේන් ඉසුරු නමැති 24 හැවිරිදි තරුණයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තරුණයන් තිදෙනකු ගමන්කර ඇති බවත් යතුරුපැදිය පදවාගෙන ආ තරුණයා මියගොස් අනෙක් තරුණයන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටින බවත් පොලිසිය පවසයි.

පසුගිය 14 වැනි දා සවස මෙම අනතුර සිදුව ඇත. යතුරුපැදිය පදවාගෙන ආ මියගිය තරුණයාගේ නිවස ආසන්නයේ දී ම පාර හරහා පැන්න බල්ලාගේ සිරුරේ ගැටුණු යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී අනතුර සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!