29.4 C
Galle

නෙළුවේ දී අතුරුදන් දරුවාගේ මළ සිරුර හමුවෙයි

Published:

නෙළුව ප්‍රදේශයේ දී ඊයේ (15) සවස අතුරුදන් වූ තුන් හැවිරිදි දරුවාගේ මළ සිරුර දොළක තිබී හමු වූ බව පොලිසිය පවසයි.

මෙම දරුවා තම පියා සමඟ පියාගේ ගමේ නිවසට පැමිණ සිටිය දී ඊයේ සවස සිට අතුරුදන්ව තිබිණි. අවසන්වරට කොට කලිසමක් පමණක් පැළඳ බෝතලයක් අතින් ගෙන නිවස ඉදිරිපිට මාර්ගය අයිනේ සිටිය දී ඒ අසළින් ගමන්ගත් පිරිසක් ඔහු දැක තිබිණි.

ඉන් අනතුරුව දරුවා ආගිය අතක් සොයාගත නොහැකිවිය. දරුවා පෙනෙන්නට නොසිටි මොහොතේ සිට සිය ගණනක පිරිසක්, පොලිසිය හා එක්ව සෑම තැනකම සොයා බැලුව ද ඔහු සොයාගත නොහැකි විය. පසුව සැකකෙරුණේ කිසියම් අයකු විසින් දරුවා පැහැරගෙන යන්නට ඇති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රිය පවා පසුවන තුරු නිවස අසළින් ගලායන දොළතුළ ද පිරික්සුම් කටයුතු සිදුකළ ද කිසිම තොරතුරක් ලැබී තිබුණේ නැත. නමුත් අද (16) දරුවාගේ මළ සිරුර දොළෙහි තිබී සොයාගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!