29.4 C
Galle

අධිවේගයේ ආදායම අධික වෙයි

Published:

ගත වූ අප්‍රෙල්  15 වැනි දා අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 35කට ආසන්න (ලක්ෂ 349.74ක්) යැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

14 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 සිට ඊයේ (15) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ගත වූ පැය 24ක කාලයේ දී පමණක් අධිවේගී මාර්ගවලින් රුපියල් 34,974,100.00ක මුදලක් එකතු වී තිබේ. එම කාලයේ දී 126,760ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් පවසයි.

සාමාන්‍ය දිනක දී අධිවේගී මාර්ගය භාවිතා කරන වාහන සංඛ්‍යාව 90,000ක් පමණ වන අතර  දිනක ආදායම සාමාන්‍යයෙන් ලක්ෂ 250ක් පමණ වෙයි.  

Related articles

spot_img
error: Content is protected !!