25.7 C
Galle

ඇමති සියඹලාපිටිය අනතුරට ලක්වේ

Published:

කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියකු කරවනැල්ල මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අමාත්‍යවරයාට ඇත්තේ සුළු ආබාධ තත්වයක් බවත් ඔහුට ඉක්මණින් රෝහලෙන් පිටව යා හැකි බවත් පැවසේ. මේ අතර ඔහුගේ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත ව සිටියි.

අනතුර ලක්ව ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු 05 දෙනකු ගමන් ගත් ජීප් රථයකි. අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ දී එම රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!