29.4 C
Galle

බිලියන 3.5ක හෙරොයින් තොගයක් ගාල්ලට ගෙනෙයි

Published:

රුපියල් බිලියන 3.5කට අධික වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සහිතව ශ්‍රී ලංකාවට දකුණින් ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනකු සහ බහුදින ධීවර යාත්‍රාව අද (17) ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

එම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එහි හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක් තිබුණු බව නාවික හමුදාව සඳහන් කළේය. එහි වටිනාකම රුපියල් මිලියන 3500ක් හෙවත් බිලියන 3.5කි.

පොලිසිය සහ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව එම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!