27.5 C
Galle

ඉඩම් කොමිසමෙන්, රුපියල් ලක්ෂ 170ක් පිල්ලි ගහපු හැටි

Published:

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සඳහා පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතිියක් සකසා එය ක්‍රියාත්මක කිරීම සදහා යැයි පවසමින් වසර 21කට පෙර පුද්ගලික සමාගමකට ලබා දී ඇති රුපියල් ලක්ෂ 170ක මුදලට සිදුවූ දෙයක් නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

මෙම මුදල ගෙවා ඇත්තේ 2002 වර්ෂයේ දී ය. නමුත් එවැනි පරිගණක පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නැත. විගණන වාර්තාව පෙන්වා දෙන්නේ එම කාර්යය ඉටුනොකර වසර 21ක් ගත වී ඇතත් අදාළ සමාගමෙන් එම මුදල් නැවත ලබාගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කටයුතු කර නැති බවයි.

අදාළ මුදල් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවස්ථා ගණනාවක දී මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් විමසා ඇතත් මේ දක්වා නිශ්චිත විසඳුම් ලබාදීමට කටයුතු කර නැති බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කළමනාකාරීත්වය විගණන විමසුමකට පිළිතුරු වශයෙන් දක්වා ඇත.

මෙම මුදල් සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

Related articles

error: Content is protected !!