27 C
Galle

ත්‍රී රෝද රථ තුනක් ගැටී, තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි

Published:

ගොඩගම දී අද (18) අළුයම ත්‍රී රෝද රථ 03ක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාදුලාව පදිංචි අබිරු කේසර නමැති තුන් හැවිරිදි දරුවෙකි.

අළුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මියගිය දරුවාගේ මව, පියා සහ සහෝදරයකු ද තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර සිටිති.

මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර දරුවාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!