27 C
Galle

IMF යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම්

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම සම්බන්ධ යෝජනාවලියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (18) කීවේය.

එම යෝජනා ඉදිරියේ දී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

එම අරමුදල් පහසුකම සහ අනෙකුත් අදාළ ලේඛන 2023 මාර්තු 22 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.  එම පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය තහවුරු කර ගැනීමට සහ එම ණය පහසුකමට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීති සම්පාදනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත ලබාගත යුතුය.

ඊට අදාළ යෝජනාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!