27 C
Galle

අහුංගල්ලේ ඝාතනයක් සම්බන්ධයෙන්, හමුදාවේ ගිනි අවි 36ක් රජයේ රස පරීක්ෂකට

Published:

කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තුවේ සෙබළුන්ට නිකුත් කර තිබූ ටී 56 වර්ගයේ අවියකින් අහුන්ගල්ල, මීද්දරමුල්ල ප්‍රදේශයේදී පුද්ගයකු ඝාතනය කරන්නට ඇතැයි ඇති වූ සැකයක් හේතුවෙන් එම කඳවුරේ ගිනි අවි 36ක් පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම සැකය ඇති වී තිබෙන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණය සඳහා යොදාගත් පොලිස් නිල සුනඛයා එම යුද හමුදා කඳවුරට ඇතුළුවීම හේතුවෙනි.

මීද්දරමුල්ලේ දී පසුගිය 14 වැනි දා ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම හේතුවෙන් යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයකු මියගියේය. එම ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරුණු යතුරුපැදිය කරන්දෙණියේ කුරුඳු ඉඩමක දමාගොස් තිබිය දී 15වැනි දා සොයාගනු ලැබිණි.

මෙම ඝාතනයේ පරීක්ෂණ සඳහා පොලිසිය විසින් නිල සුනඛයකු යොදාගත් අතර එම සුනඛයා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තුවේ කඳවුරට ඇතුළු වූයේය.  මේ හේතුවෙන් ඝාතනය සිදුවූ දින එහි රාජකාරියේ යෙදී සිටි සෙබළුන්ට නිකුත්කර තිබූ ටී 56 ගිනි අවි 36ක් පොලිස් බාරයට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා එම ගිනිඅවි යැවීමට නියමිතව තිබේ.  

Related articles

spot_img
error: Content is protected !!