27 C
Galle

පාසල ඇරී නිවසට යන්න ගිය දරුවා ලොරියක හැපී මරුට

Published:

කුඩා ලොරි රථයකට යට වී 11 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරගනේ මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අනුක්කන්හේන,  මගුලාගම පදිංචිව සිටි හිමාෂ ඉඳුනිල් (11) නමැති සිසුවෙකි.

කටුපොත, මූණමල්දෙණිය ප්‍රධාන මාර්ගයේ අන්ගමුව ප්‍රදේශයේ දී අද (18) සවස 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. පාසල් අවසන් වී බසයකින් පැමිණි සිසුවා බස් රථයෙන් බැස පාර මාරුවීමේ දී කුඩා ලොරි රථයේ හැපී මද දුරක් රථය සමඟ ඉදිරියට ඇදී ගොස් තිබූ බව පොලිසිය පවසයි.

බරපතල තුවාල ලැබූ දරුවා කුලියාපිටිය මූලික රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!