27 C
Galle

හිටපු නීතිපති ලිවේරා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැදවයි

Published:

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට හෙට (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඔහු විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීවේය.

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවත් එයට සම්බන්ධ මහ මොළකරුවන් සිටින බවත් හිටපු නීතිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.  

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගන්න යැයි නීතිපතිවරයා ලබාදුන් උපදෙසක් අනුව මෙම කැඳවීම කර ඇති බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!