27.8 C
Galle

ජවිපෙ මැයි රැළිය

Published:

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද මැයි රැළිය අද (01) කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්විණි

කොළඹ බීආර්සී පිටියේ සිට සවස 2.30ට පඹණ ආරම්භ වූ මැයි දින පෙළපාලිය මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප පෙරටු කරගෙන ගමන් කරන ලදී. ඒ පිටුපසින් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයෝ වූහ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් ඒවායේ වෘත්තීය සමිති නියෝජිතයෝද පෙළපාලියට එක්ව සිටි අතර  සමාජවාදී ශිෂ්‍ය සංගමය, කාන්තා සංගමය, කලා සංගමය, තරුණ සංගමය හා රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ජවිපෙ සාමාජික සාමාජිකාවෝ පෙළපාලියට එක්ව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!