32.2 C
Galle

උත්තර ලංකා සභාගයේ මැයි රැළිය

Published:

උත්තර ලංකා සභාගයේ මංගල මැයි රැළිය අද (01) කොළඹ හයිඩ් පිපටියේ දී පැවැත්විණි.

“රට විකුණන පරගැති පාලනයට එරෙහි වෙමු” යන තේමාව යටතේ පැවැති මෙම රැළිය උත්තර ලංකා සභා‍ගයේ සභාපති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පැවැතියේය.

උත්තර ලංකා සභාගයේ නායක මණ්ඩලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!