28.9 C
Galle

බසය ඇළට යයි. මගීහු ඉනිමඟකින් ගොඩට එති

Published:

හංවැල්ලේ සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මිරිස්වත්ත – වතුරුගම මාර්ගයේ ඉදුරුගල්ල ප්‍රදේශයේ දී අද 02) උදෑසන 6.30ට පමණ බෝක්කුවකට පෙරැළීමෙන් මගීන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලස අනතුරට ලක්ව ඇත්තේ අංගොඩ ඩිපෝවට අයත් බස් රථයකි. බසය අධික වේගයෙන් ගමන් කළ බවත් පටු මාර්ගයේ ඉදිරියෙන් වෙනත් වාහනයක් එද්දී බසයේ වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

අනතුර සිදු වූ මාර්ගය ඉතාමත් පටු වංගු සහිත මාර්ගයක් වන අතර බසය පෙරැළී ඇති බෝක්කුව ද අනාරක්ෂිත බෝක්කුවකි.

බසයේ සිටි මගීන් ඉනිමඟක ආධාරයෙන් ගොඩට ගෙන ඇති අතර, ඔවුන්ට ඇත්තේ සුළු තුවාල පමණි.

කිරිඳිවැල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප – Accident 1st , Facebook පිටුවෙනි)

Related articles

spot_img
error: Content is protected !!