26.6 C
Galle

තිදෙනකු සමඟ හෝටලයට ආ පාසල් දැරියගේ නිරුවත් සිරුර රේල් පාරේ

Published:

කළුතර හෝටලයකට කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණ එක් තරුණයකු සමඟ කාමරයේ සිටි දැරියකගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස රේල් පාරේ වැටී තිබිය දී සොයාගත් බව කළුතර දකුණ පොලිසයි පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

එම සිද්ධියට සැකපිට ඇය සමඟ හෝටලයට පැමිණි කාන්තාව සහ එක් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමඟ කාමරයේ සිටි බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතී.

ඊයේ (06) සවස මොවුන් හතර දෙනා හෝටලයට පැමිණ කාමර දෙකක් කුලියට ගෙන ඇත. පස් මහල් හෝටලයේ තෙවන මහලේ කාමර දෙකක් ඔවුන්ට ලබාදුන් බව හෝටල් සේවකයන් පවසයි. 

මෙම දැරිය හෝටල් කාමරයේ ජනේලයකින් බිමට පැන්නා ද, වැටුණා ද, තල්ලුකර දැමුවේ ද  යන්න සෙවීමට පරීක්ෂණ පැවැත්වේ.

Related articles

Recent articles

error: Content is protected !!