28.3 C
Galle

පාසල් සිසුවියක්, පන්තිය පිහිටි පළමු මහලෙන් බිමට පනී

Published:

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් අද (09) දහවල් බිමට පැනීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ගොඩනැගිල්ලෙන් පැන ඇත්තේ එම පාසලේ ශිෂ්‍ය නායිකාවකි. ඇය තමන් ඉගෙනුම ලබන පන්ති කාමරයෙන් මෙලෙස බිමට පැන ඇත.

මෙලෙස බිමට පැනීම හේතුවෙන් ඇයගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුව ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීමේ පරීක්ෂණ සිදුකරන බව ජාතික රෝහල පවසයි.

Related articles

spot_img
error: Content is protected !!