27.5 C
Galle

දකුණෙන් අද ආසාදිතයන් 12ක්

Published:

දකුණු පළාතෙන් අද (08) දිනයේ තවත් කොරෝනා රෝගීන් 12ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

මෙම රෝගීන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 06ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 02ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 04ක් වශයෙනි.

ගාල්ලෙන් වාර්තා වූ රෝගීන් 06 දෙනාගෙන් 04 දෙනකුම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි කරුවන් වන අතර අනෙක් දෙදෙනා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන්ය.

මාතරින් වාර්තා වූ රෝගීන් දෙදෙනා ම කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් 04දෙනාම වාර්තා වී ඇත්ත් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ රෝගීන් 111කි. මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 35කි. හමබන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 22 කි.

දකුණු පළාතෙන් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 168ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!