27.5 C
Galle

ගිංතොට දී පාසල් සිසුවෙක් මරුට

Published:

ගිංතොට මුහුදේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල කළුවැල්ලේ පදිංචි පාසල් සිසුවෙකි. ඔහු තවත් පිරිසක් සමඟ දියනෑමට ගොස් සිටිය දී රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් අනෙක් පිරිස විසින් ඔහු ගොඩට ගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

රෝහලේ වෛද්‍යවරු පවසන්නේ මෙම සිසුවා රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බවයි.

මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!