28.9 C
Galle

“මෝඛා” දුර්වල වෙයි. තවදුරටත් වැසි වැටෙයි

Published:

“මෝඛා” සුළි කුණාටුව ඊයේ (14) දහවල් බංග්ලාදේශයේ ගිනිකොන දිග ප්‍රදේශයෙන් සහ උතුරු මියන්මාරයෙන් ගොඩබිමට ඇතුළු වූ බැවින් එය ඉදිරි පැය 24 ඇතුළත ක්‍රමයෙන් පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේ වුව ද තවදුරටත් වායුගෝලයේ කැළඹිලි සහිත තත්වය පවතින බැවින් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල දී වඩාත් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (15) අලුයම 5.30ට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි අතිවිය හැකි බවයි.

Related articles

spot_img
error: Content is protected !!