28.9 C
Galle

ඇත් පැටවා මරා දළ යුගල කපාගෙන ගිහින්

Published:

මින්නේරිය ජාතික උද්‍යානයේ, හබරණ සහ රිටිගල ප්‍රදේශවල සැරිසැරූ “කෝලිත” නමින් හඳුන්වන දළ ඇතාට ඊයේ (19) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

තරුණ වියට එළැඹෙමින් සිටි මෙම ඇතාගේ වයස අවුරුදු 15ක් පමණ වූ බවත් දළ යුගලේ දිග අඩි 02ක් පමණ බවත් වනජීවී නිලධාරීන් පවසයි. ඉතාමත් නිරෝගීව සිටි ඇතා තවත් විශාලව වර්ධනය වෙමින් සිටි බවත් දළ යුගල ද හොඳින් වර්ධනය වෙමින් තිබූ බවත් ඔවුහු කියති.

මෙම ඇතා නිරන්තරව සංචාරකයන්ගේ ආකාර්ශනය දිනාගත් සතෙකි.

ඡායාරූප – නයනජිත් සචින්තගෙනි

Related articles

spot_img
error: Content is protected !!