28.3 C
Galle

බදු මුදල් කෝටි 27,000ක් අයකරගෙන නෑ. පනින රිළවුන්ට ඉනිමං බැන්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

Published:

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 27,000ක බදු මුදල් අයකර ගැනීම පැහැර හැරීම පිළිබඳ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශක අධීක්ෂණ කාරක සභාව දැඩි අප්‍රසාදය පළකර තිබේ.

මෙම බදු මුදල් අයකරගැනීම පැහැර හැර ඇත්තේ අභියාචනා සහ විරෝධතා නොමැතිවය. ඊට අමතරව බදු නෙ‍ාගෙවන මහා පරිමාණ වෙළෙඳ සමාගම් සහ ආනයනකරුවන් 100කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව තොරතුරු නැතැයි ද අනාවරණය වී ඇත.

කමිටුව පෙන්වාදෙන්නේ රටේ සිදුවන දැවැන්ත ගනුදෙනු සම්බන්ධ දත්ත ලබාගැනීමට ක්‍රමයක් නොමැතිවීම බරපතල ගැටලුවක් බවයි.  එබැවින් ඒ සඳහා යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කළ යුතු බවත්, අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් කමිටුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!