28.9 C
Galle

වෛද්‍යවරයා පැදවූ කාරය, කරණම් ගහයි

Published:

ගාල්ල, හපුගල ආරච්චිකන්ද ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු විසින් පදවාගෙන ගිය කාරයක් අද (01) දහවල් අනතුරට ලක්ව පෙරැළී තිබිණි.

පොලිසිය පවසන්නේ වෛද්‍යවරයා සුළු තුවාල ලබා තිබූ බවයි.

ගාල්ල සිට වක්වැල්ල දෙසට යනවිට ඉංජිනේරු පීඨය පසුකරන විට ඇති බෑවුමක් සහිත වංගුවක දී මෙම අනතුර සිදුව ඇත. මෙම බෑවුම අනතුරුදායක වංගුවක් බව සඳහන් පුවරුවක් වසර ගණනක්  තිස්සේ සවිකර තිබුණ ද මේ වනවිට එය ඉවත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!