29.4 C
Galle

විදුලිය, ගණන් අඩු කරයි

Published:

විදුලි ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව ඒකක 30ක් දක්වා මාසික භාවිතයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට රුපියල් 30.00ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 10.00ක් දක්වා අඩුකර එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 400.00 සිට රුපියල් 150.00 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒකක 60 ට අඩු කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 42.00 සිට රුපියල් 32.00 දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩය සඳහා රුපියල් 650.00ක් ලෙස අය කළ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300.00ක් දක්වා අඩුකර තිබේ.

ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 42.00 සිට රුපියල් 35.00 දක්වා අඩු කර ඇති අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500.00 සිට රුපියල් 1000.00 දක්වා අඩු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!