26.8 C
Galle

හීනයෙන් කී කතාවක් පස්සේ ගොස් පස් දෙනෙක් අමාරුවේ වැටෙති

Published:

තම ඉඩමේ ඇති ගල්තලාවේ වසර 300කට පෙර සඟවන ලද ‍රන් සෙම්බුවක් ඇතැයි හීනයෙන් පැවසූ කතාවක් ඔස්සේ ගොස් එය ලබාගැනීමට පුද පූජා පවත්වමින් ගල්තලාව පිපිරීමට උත්සාහගත් ඉඩම් හිමිකරු, කපුවෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.

ගල්තලාව පිපිරවීමට ගෙන ආ උපකරණ සහ පූජා භාණ්ඩ රැසක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිසිය පවසන්නේ මෙම විශාල ගල්තලාව දිර්ඝ කාලයක සිට වරින් වර පුපුරුවා හැර තිබූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ සහ කොළඹ පදිංචිකරුවන් බවත් සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් මොරගහහේන පොලිසිය කීවේය.

Related articles

spot_img
error: Content is protected !!