26.9 C
Galle

මනම්පිටියේ බස් අනතුරින් 09දෙනකු මරුට, 40ක් රෝහලට

Published:

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටීමෙන් කොටලීය ඔයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුරින් පුද්ගලයන් 09 දෙනකු මියගොස් ඇති බවත් අනතුරට ලක් වූ පිරිස් බේරාගැනීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ 40කට වැඩි පිරිසක් මේ වනවිට රෝහල්ගත කර සිටිති. ඒ අතරින් කිහිප දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!