30.5 C
Galle

රනිල්ගේ කාර්ය මණ්ඩලයට නිලධාරීන් 60 දෙනකු පත්කරගනී

Published:

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට නව නිලධාරීන් 60 දෙනකු අන්තර්ග්‍රහණය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක කටයුතු කර තිබේ.

මෙම නිලධාරී නිලධාරිනියන් 2022 අප්‍රේල් මස 01 වැනි දා සිට වරින්වර ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලද නිලධාරීන් පිරිසකි.

ඔවුන් අතරින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන චාන්දනී විජයවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක ලෙස පත්කර ඇති අතර අතිරේක ලේකම්වරුන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් දෙදෙනකු වන එල්.ඉලංගකෝන් සහ එස්.ඩබ්ලිව්.සී.ජයමිණි පත්කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ.එම්.පී.එම්.බී.අත්තනායක ද අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයෙන් ද නිලධාරීන් 04 දෙනකු පත්කර ඇති අතර පත්කර ඇති සියලුම දෙනා ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාවෙන් ලැබෙන බලතල අනුව මෙම පත්කිරීම ජනාධිපතිවරයාගේ අණ පරිදි කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත්කරන ලද ගැසට් නිවේදනයේ දක්වා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!