29.7 C
Galle

දළදා පෙරහැරේ විදුලි බිල කලින්ම ඉල්ලයි

Published:

මහනුවර ඇසළ පෙරහැර දිනවල ආලෝක කිරීමේ කටයුතු සඳහා රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහස් දහයක් (13,299,010.00) වැයවන බැවින් එම මුදල කලින් ගෙවන ලෙස විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී දළදා මාළිගාවට සහ සතර මහා දේවාල වෙත දැනුම් දී තිබේ.

ඇසළ පෙරහැර අගෝස්තු මාසයේ 21 සිට 31 වැනි දා දක්වා පැවැත්වෙයි.

මෙය ඇස්තමේන්තුගත මුදලකි. එම ඇස්තමේන්තුව අනුව දළදා මාළිගාව විසින් රුපියල් 3,412,479.00ක මුදලක් ද කතරගම දේවාලය රුපියල් 1,102,705.00ක් ද පත්තිනි දේවාලය 1,102,705.00ක් ද, නාථ දේවාලය 1,122,145.00ක් සහ විෂ්ණු දේවාලය රුපියල් 1,368,385ක් ද ගෙවිය යුතුව තිබේ.

ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 4,441,273.00 ක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී තිබේ .

Related articles

spot_img
error: Content is protected !!