29.4 C
Galle

දුම්රිය කිහිපයක් අවලංගුයි

Published:

දුම්රිය රියදුරන් විසින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් අද (24) දෑසන දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නව දුම්රිය ගමන්වාර කිහිපයක් ආරම්භ කිරීමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් විසින් ඊයේ (23) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබිණි.

ඒ අනුව ඊයේ දිනයේ දී දුම්රිය ගමන්වාර 21ක් අවලංගු වී ඇතිබව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!