27.4 C
Galle

දුම්රිය ගමන් වාර 80ක් අවලංගුයි

Published:

දුම්රිය රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (23) සවස සිට ගත වූ පැය 20 කාලයේ දී දුම්රිය ගමන් වාර 80ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද (24) දිනයේ අවලංගු කර ඇති දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 65කි.

ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 36 ක්,  මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 16 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 08 ක්, කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 04 ක් සහ උතුරු මාර්ගයේ ගමන් වාර 01ක් අද අවලංගු කර තිබේ.

මෙම වැඩවර්ජනය අද සවස 3.00 ට නවතා දැමුව ද ඉන් පසු ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 18ක් ද ධාවනය කර නැත.

Related articles

spot_img
error: Content is protected !!