27.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 26,811ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,530ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 24ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,069ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 363
  • ලංකා අයිඕසී රුපියල් මිලියන 337
  • කිංග්ස්බරි හෝටල් සමාගම රුපියල් මිලියන 160

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කිංග්ස්බරි හෝටල් සමාගම කොටස් මිලියන 15
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම කොටස් මිලියන 06
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන් ජෙම්ස් සමාගම  24%
  • ඒසියා ඇසෙප්ට්ස් පී සමාගම 21%
  • ඒසියා ඇසෙප්ට්ස් සමාගම 14%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 283
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 232
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 220

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 294ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 89ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 205ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 47
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 42
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 42

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 06
  • මල්වත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 06
  • ලාෆ් ගෑස් සමාගම (X) රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!