25.7 C
Galle

ශ්‍රී ලංකාවේ ශාක හා සත්ව නියැදි එකතු කළ, ඉරාන ජාතිකයන් තිදෙනාට සිදු වූ දේ

Published:

ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස සතුන්, ශාක, සත්ව කොටස් හා ශාක කොටස් එකතුකරමින් සිටිය දී අත්අඩංගුවට ගත් විදේශිකයන් තිදෙනකුට රුපියල් ලක්ෂ 44 බැගින් රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂයක් (රුපියල් 13,200,000.00ක දඩ නියම කිරීමට උඩුගම මහේස්ත්‍රාත්වරිය අද (10) කටයුතු කළාය.

මෙලෙස දඩ නියම කරන ලද්දේ ඉරාන ජාතිකයන් තිදෙනකුටය. ඔවුන් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලාංකික රියදුරාට දඩ නියම කළේ නැත.

මොවුන් පසුගිය ජුනි මස 28 වැනි දින අත්අඩංගුවට ගන්නා ලද්දේ සිංහරාජ වනාන්තරයේ ලංකාගම ප්‍රදේශයේ දී ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබී විවිධ සතුන්, ශාක සහ සත්ව හා ශාක කොටස් රැසක් සොයාගත් බව  නෙලුව අඩවි වන කාර්යාලයේ නිලධාරීහු අධිකරණයේ දී ප්‍රකාශ කරන ලදී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක ජනරාල් නිශින්ත එදිරිසිං‍හගේ උපදෙස් සහ ගාල්ල දිසා වන නිලධාරී කේ.යෝගරත්නම්ගේ මග පෙන්වීමෙන් මෙම නඩුව මෙහෙයවනු ලැබීය.

Related articles

Recent articles

error: Content is protected !!