27 C
Galle

අඟුරුවාතොට මව සහ දියණිය ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේ දී මියයයි

Published:

අඟුරුවාතොට මවක සහ දියණියක ඝාතනය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි.

ඔහුගේ සිරුර අද (22) සවස බන්ධනාගාරය තුළ එල්ලෙමින් තිබූ බව බන්ධනාගාර නිලධාරීන් විසින් කළුතර උතුර පොලිසියට සහ අධිකරණයට දැනුම් දී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වරකාගොඩ, සල්ගස්වත්ත මාවත පදිංචිව සිටි ඒ.ඒ.ඩී.ප්‍රියාන් වධුරංග නමැති අයෙකි. ඔහු යුද හමුදාව හැරගොස් සිටි අයකු බව ද පොලිසිය සඳහන් කළේය.

අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි වාසනා කුමාරි (24) සහ ඇගේ දියණිය ටස්මි දිලන්යා (මාස 11) ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබිණි.

මෙම සැකකරුගේ මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සඳහා යොමුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට ගෙනගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!