27.3 C
Galle

පොලිස් ලොක්කන් රැසකට මාරුවීම්

Published:

නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනකු ඇතුළු ඉහළ මට්ටමේ පොලිස් නිලධාරීන් 12 දෙනකු හට ස්ථානමාරුවීම් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔවුන්ට ස්ථානමාරුවීම් ලැබී ඇතතේ 09 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදිය.

ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු ලෙස කටයුතු කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස්වීම් ලද කොළඹ මධ්‍යම කොට්ඨාසය භාරව කටයුතු කළ ගයන්ග මාරපන, බදුල්ල කොට්ඨාසය භාරව කටයුතු කළ සුජිත් වෙදමුල්ල සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව කටයුතු කළ සාමන්ත විජේසේකර යන නිලධාරීන් ද සිටින බව සඳහන්ය.

මීට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන බුද්ධික සිරිවර්ධන, කපිල කළුපිටිය, එච්. සමුද්‍රජීව , පී. අම්පාවිල, සමන්ත ද සිල්වා ද ස්ථාන මාරුකර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන ජී.ආර් කන්දේවත්ත, නෙරංජන් අබේවර්ධන, එම්.එම් කුමාරසිංහ සහ උපුල සෙනවිරත්න ද ස්ථාන මාරු ලබාදී ඇති බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!