27.8 C
Galle

පාසල් වාර විභාග ගැන දැනුම් දීමක්

Published:

පසුගිය සතියේ ආරම්භකිරීමට නියමිතව තිබූ දකුණු පළාත් පාසල් වාර විභාග පරීක්ෂණ හෙට (16) ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.

පසුගිය දිනවල පැවැති ගංවතුර තත්වය හේතුවෙන් පසුගිය සතියේ දින කිහිපයක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල්වසා දැමීමට සිදු වූ බැවින් එම සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වාර විභාග කටයුතු ද කල් දැමිණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ තවදුරටත් ගංවතුර බැස නොගිය ප්‍රදේශවලට අයත් පාසල්වල පමණක් වාර පරීක්ෂණ පසුව ආරම්භ කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!